'ෂුගර් ඩේටින්' ලෝකය ගැන ඔබ මේ කරුණු දැන සිටියාද?
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'ෂුගර් ඩේටින්' ලෝකය ගැන ඔබ මේ කරුණු දැන සිටියාද?

  • 2017 පෙබරවාරි 27

උසස් අධ්‍යාපනයට අවශ්‍ය මුදල් සපයා ගැනීමට තරුණියන් විශාල ප්‍රමාණයක් වයසින් වැඩි ධනවත් පුද්ගලයන් හා මුදලට ලිංගික සම්බන්ධතා පැවැත්වීමේ ප්‍රවණතාව සීග්‍රයෙන් ඉහළ යමින් ඇති බව යුරෝපයෙන් වාර්තා වේ.

'ෂුගර් ඩේටින්' යනුවෙන් හඳුන්වන මෙම නව ලෝකය මේ වන විට තරුණ පරපුර අතර ප්‍රසිද්ධ රහසකි.

ඊටම විශේෂිත වූ නියෝජිත ආයතන මගින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි හරහා ධනවත් පිරිමින් සහ උසස් අධ්‍යාපනයේ යෙදෙන තරුණියන් මුණ ගැස්වීමේ අවස්ථාව සලසා දෙනු ලබයි.

'ෂුගර් ඩැඩී' නාමයෙන් හඳුන්වනු ලබන මෙම ධනවත් පුද්ගලයෝ සිය සමාගමය ප්‍රිය කරන තරුණියක වෙනුවෙන් මාසික ගාස්තුවක් ගෙවීමට වෙබ් අඩවිය හරහා එකඟතාවක් ඇති කර ගනිති.

මේ වනවිට 'ෂුගර් ඩේටින්' නියෝජිත සමාගම් ඉතා විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇති අතර වෙබ් අඩවි හරහා ඔවුන් සිය සාමාජිකයන් ලියාපදිංචි කර ගනිති.

එක් ප්‍රමුඛ පෙලේ ඇමරිකානු 'ෂුගර් ඩේටින්' නියෝජිත සමාගමක ජේෂ්ඨ කළමනාකාරිනියක් බීබීසිය සමග අදහස් දැක්වුවාය.

ඇය කියා සිටියේ සිය සමාගම් වෙබ් අඩවියේ ලොව පුරා රටවල්වල මිලියන හතරකට අධික පිරිසක් සාමාජිකයන් වශයෙන් ලියාපදිංචි වී සිටින බවය.

"අපේ සමාගමේ වැඩියෙන්ම ලියාපදිංචි වෙලා ඉන්න රටවල් පහ තමයි ඇමරිකාව, කැනඩාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය. මේ රටවල් වලින් ලියාපදිංචි වෙලා ඉන්නේ ෂුගර් බේබීස්ල විතරක් නෙවෙයි, 'ෂුගර් ඩැඩී'ස්ල සහ 'ෂුගර් මමී' ස්ලත් ගොඩක් ඉන්නවා." කළමනාකාරිනිය විස්තර කළාය.

දිනෙන් දින ඉහළ යන විශ්ව විද්‍යාල ගාස්තු සමගම වයසින් වැඩි ධනවතෙකු සමග ලිංගික සම්බන්ධතාවක් පවත්වා එතුළින් මුදල් උපයා ගෙන සිය උසස් අධ්‍යාපනය සම්පූර්ණ කර ගැනීමට තරුණ පරපුර 'ෂුගර් ඩේටින්' වෙත යොමු වීමේ ප්‍රවනතාව ද ඉහළ යමින් පවතී.