තාමිරබරණී වතුර 'කොකා කෝලා' වලට

Image copyright Getty Images
Image caption බදාදා(01) තමිල්නාඩුවේ ඇතැම් වෙළඳසල් හිමියෝ 'කොකා කෝලා' සහ 'පෙප්සි' විකිණීම වර්ජනය කළහ

'කොකා කෝලා' සහ 'පෙප්සි' නිෂ්පාදනය කරන දකුණු ඉන්දියානු සමාගම්වලට ප්‍රදේශයේ ගංගා ජලය භාවිතා කිරීමට අවසරදෙමින් අධිකරණ නියෝගයක් නිකුත්කර ඇත.

එම සමාගම් ගංගා ජලය ලබාගැනීම නතර කිරීමට විරෝධතාවාදීන් උත්සාහ කරමින් සිටින අතරතුර මෙම අධිකරණ නියෝගය පනවා ඇත.

තමිල්නාඩු ප්‍රාන්තයේ තාමිරබරණී නදියේ ජලය ඉහතකී සමාගම් විසින් භාවිතාකරනු ලැබීම මෙයින් මාස හතරකට පෙර දුන් අන්තර්වාර නියෝගයක් මගින් තහනම්කර තිබුණි.

ප්‍රාදේශීය පාරිභෝගික සංවිධාන පැවසුවේ අදාළ සමාගම් ජලය භාවිතාකිරීම හේතුවෙන් ගොවීන්ට අවාසියක් සිදුවී ඇති බවය.

එහෙත් එම විරෝධතාවන් අසාධාරණ ලෙස තමන් ඉලක්ක කරන බව එම සමාගම් පවසති.

මේ අතර ප්‍රදේශයේ වෙළඳ සංවිධානවල මැදිහත්වීමෙන් බදාදා(01) තමිල්නාඩුවේ ඇතැම් වෙළඳසල් හිමියෝ 'කොකා කෝලා' සහ 'පෙප්සි' විකිණීම වර්ජනය කළහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර