හොලිවුඩ් පුරවරය කැළඹු ඉන්දීය දරුවා
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හොලිවුඩ් පුරවරයේ 'හදවත සොරාගත්' ඉන්දීය දරුවා

පසුගියදා පැවති ඔස්කාර් සම්මාන උළෙලේ දී හොඳම චිත්‍රපටයට සම්මානය පිරිනැමීමේ දී හටගත් පටලැවිල්ල පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබිණ.

ඒ අතර ජීවිතයේ ප්‍රථම වරට රතු පලස මතින් ගමන් කළ දරුවෙකු ගැන තවත් බොහෝ දෙනාගේ අවධානය යොමු විය.

ඔහු, බ්‍රිතාන්‍ය නිෂ්පාදනයක්වන "ලයන්" චිත්‍රපටයේ රඟපෑ සහාය නළු සනී පවාර්.

ඔස්කාර් සම්මාන උළෙලෙන් පසුව යළි මුම්බායි නුවර පිහිටි සිය නිවසට පැමිණි සනී පවාර් ට හදිසියේම ලැබුණු ප්‍රසිද්ධිය අදහාගන්න නොහැකි තරම්. (වීඩියෝව නරඹන්න)