බහරේනය: හමුදා අධිකරණයට සිවිල් නඩු

Image copyright AP
Image caption 2012 දී බහරේනයේ පැවති විරෝධතාවක්

හමුදා අධිකරණ ඔස්සේ සිවිල් නඩු විභාගකිරීමට අවසර දීම සඳහා ඉදිරිපත් කෙරුණු ව්‍යවස්ථා සංශෝධනයක් බහරේන ආණ්ඩුව අනුමත කරයි.

ත්‍රස්තවාදයට එරෙහිව සටන්කිරීම සඳහා මෙවැනි ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බව ඊට සහයෝගය දක්වන පිරිස් පවසති.

නමුත් ක්‍රියාධරයන් පවසන්නේ 2011 වසරේ පැවති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලින් අනතුරුව දේශපාලන ප්‍රතිසංස්කරණ කරා යොමුවෙමින් සිටින බහරේනයේ මෙවැනි නීතියක් සම්මතවීම මගින් නිලනොවන යුද නීතියක් රට තුළ ස්ථාපනයවන බවය.

2011 දී විරෝධතා දියත්වීමෙන් අනතුරුව බහරේනයේ බහුතර ප්‍රජාව වන ෂියා මුස්ලිම්වරුන් සියගණනක් අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලැබුණි.

ෂියා මුස්ලිම්වරුන් කියා සිටින්නේ රටේ බහුතර ප්‍රජාව වන තමන්ට වැඩි දේශපාලන අයිතිවාසිකම් ලබාදිය යුතු බවය.