පර්ජෝ මව් සමාගමෙන් අලුත් පිම්මක්

Vauxhall Astra production at Ellesmere Port Image copyright Vauxhall

ජෙනරාල් මෝටර්ස් සමාගමේ යුරෝපා ශාඛාව ඇමරිකානු ඩොලර් කෝටි එකසිය අනූවක මුදලකට මිලදී ගැනීමට ප්‍රංශයේ PSA සමාගම එකඟත්වය පළ කර තිබේ.

ප්‍රංශයේ පර්ජෝ සහ සිට්‍රන් මෝටර් රථ නිෂ්පාදන සමාගම්වල හිමිකාරිත්වය දරන්නේ ද PSA සමාගම විසිනි.

බ්‍රිතාන්‍යයේ වොක්ෂෝල් මෝටර් සමාගම සහ ජර්මනියේ ඕපල් සමාගම ජෙනරල් මෝටර්ස් ආයතනයේ යුරෝපා ශාඛාවට අයත්ය.

ජෙනරල් මෝටර්ස් සමාගමේ යුරෝපා ශාඛාව 1999 වසරේ සිට ලාභ ලබා නොමැති අතර අදාළ ගනුදෙනුව හේතුවෙන් වොක්ෂෝල් සමාගමේ රැකියා කප්පාදුවක් සිදු වනු ඇති බවට බිය පළ වෙමින් පවතී.

වොක්ෂෝල් සහ ඕපල්

Image copyright Getty Images

එක්සත් රාජධානියේ එල්ස්මියර් සහ ලූටන් ප්‍රදේශවල පිහිටි වොක්ෂෝල් සමාගමට අයත් කර්මාන්තශාලාවල හාරදහස් පන්සීය දෙනෙක් සේවය කරති.



අදාළ ගිවිසුම අත්සන් තැබීමත් සමග PSA සමාගම යුරෝපයේ දෙවන විශාලතම මෝටර් රථ නිෂ්පාදන ආයතනය බවට පත් වීමට නියමිතය.

ඒ අනුව PSA දෙවැනි වන්නේ යුරෝපයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගමවන ෆෝක්ස්වැගන් ආයතනයට පමණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර