දකුණු කොරියාවේ තවමත් ගැටුම්

  • 2017 මාර්තු 11
Image copyright AP
Image caption බොහෝ විරෝධතාවාදීන් ඉල්ලා සිටින්නේ බලයෙන් පහකරනු ලැබූ හිටපු ජනපතිනිය අත්අඩංගුවට ගන්නා ලෙසය

ධූරයෙන් ඉවත් කෙරුණු දකුණු කොරියානු ජනාධිපතිනී පාර්ක් ගුන් හේ ගේ ආධාරකරුවෝ දෙවන දිනයටත් පොලීසිය සමග ගැටුම් ඇතිකර ගත්හ.

මේ අතර ජනාධිපතිනියට එරෙහිව සම්මත වූ දෝෂාභියෝගය අනුමත කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය දුන් තීරණයට සහයෝගය පළ කරන්නෝ සෝල් අගනුවර උද්ඝෝෂණ පවත්වති.

බොහෝ විරෝධතාවාදීන් ඉල්ලා සිටින්නේ බලයෙන් පහකරනු ලැබූ හිටපු ජනපතිනිය අත්අඩංගුවට ගන්නා ලෙසය.

තවමත් ජනාධිපති නිල නිවසින් ඉවත්වී නැති හිටපු ජනපතිනිය මේ දක්වා කිසිදු ප්‍රකාශයක් නිකුත්කර නැත.

මේ අතර නව ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කටයුතු පිළිබඳ නිලධාරීහු කටයුතු කරමින් සිටිති.

අධිකරණ තීන්දුවේ සිට දින හැටක් ඇතුළත ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර