කිම් ජොන්ග් නාම් මෘත ශරීරය භාරගැනීමට කිසිවකු නැහැ

  • 2017 මාර්තු 13
Image copyright AP
Image caption කිම් ජොන් නාම්

කිම් ජොන්ග් නාම් ගේ මෘත ශරීරය භාරගැනීමට ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙතෙක් ඉදිරිපත්ව නැති බව මැලේසියානු රජය පවසයි.

මීට මාසයකට පෙර ක්වාලාලම්පූර් ගුවන් තොටුපොළේදී කිම් ජොන්ග් නාම් ඝාතනය කෙරුනේ දරුණුතම විෂ ශරීරගත කිරීමෙනි.

ඔහුගේ මෘත ශරීරයට කළ යුත්තේ කුමක්දැයි තීරණය කිරීමට පෙර, එය භාර ගැනීම සඳහා ඉල්ලුම් කිරීමට ඥාතීන්ට තවත් සති දෙකක් හෝ තුනක් බලධාරීන් කල් දෙනු ඇත.

කිම් ජොන්ග් නාම්ට භාර්යාවක් සහ දරුවන් සිටින අතර, ඔවුන් සියලු දෙනා උතුරු කොරියාවෙන් පිටමංව ජීවත් වන්නේයැයි වාර්තා විණි.

නමුත් ඔවුන් කිසිවෙකු නාම්ගේ මෘත ශරීරය ලබාගැනීමට ඉල්ලීම් කර නැතත්, උතුරු කොරියාව නාම්ගේ මෘත ශරීරය ඉල්ලා සිටී.