ට්‍රම්ප්ගේ වැටුප පුණ්‍ය කටයුතුවලට

  • 2017 මාර්තු 14
Image copyright Getty Images
Image caption එක් ඩොලරයක් පමණක්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සම්පුර්ණ වාර්ෂික ජනාධිපති වැටුප පුණ්‍යායතනයකට පරිත්‍යාග කරනු ඇති බව ධවල මන්දිර ප්‍රකාශකයෙකු නිවේදනය කරයි.

මේ අනුව ඩොලර් ලක්‍ෂ හතරක මුදලක් වසර අවසානයේදී පුණ්‍යායතනයකට පරිත්‍යාග කිරීමට නියමිත බව ධවල මන්දිර ප්‍රකාශක ශෝන් ස්පයිසර් පැවසීය.

තමා ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුවහොත් එම රාජකාරි සඳහා වෙන්වූ වැටුප ලබා නොගන්නා බව ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු පැවැත්වෙන සමයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණි.

එක් ඩොලරයක් පමණක්

ඔහු කියා සිටියේ එක්සත් ජනපදයේ නීතියට අනුව ජනාධිපතිවරයෙකු අනිවාර්යයෙන්ම ලබා ගතයුතු අවම වැටුප වන එක් ඩොලරයක් පමණක් තමන් ලබා ගන්නා බවය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යාපාරිකයෙකු වශයෙන් පුණ්‍ය කටයුතු සඳහා වෙන්කර තිබෙන මුදල ප්‍රමාණවත් නොවන බවට විවේචන එල්ලවී තිබුණි.