බෝල්ටික් කලාපයට බ්‍රිතාන්‍ය හමුදාවක්

  • 2017 මාර්තු 18
Image copyright MOD
Image caption සීතල යුද්ධය නිමවීමෙන් පසු යුරෝපයේ යොදවනු ලබන විශාලතම බ්‍රිතාන්‍ය හමුදා මැදිහත්වීම මෙය බවයි පැවසෙන්නේ

රුසියානු ආක්‍රමණයක් සැලකිල්ලට ගනිමින් බෝල්ටික් කලාපයේ සිදු කෙරෙන නේටෝ මෙහෙයුමකට හවුල් කෙරෙන අටසියයක පමණ බ්‍රිතාන්‍ය හමුදා බලඇණියක පළමු භටයන් එස්තෝනියාවට ළඟාවිය.

බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් මයිකල් ෆැලන් බීබීසීයට පැවසුවේ 'සීතල යුද්ධය' නිමවීමෙන් පසු යුරෝපයේ යොදවනු ලබන විශාලතම බ්‍රිතාන්‍ය හමුදා මැදිහත්වීම මෙය වන බවය.

යුද්ධ ටැංකි සහ අධිබර කාලතුවක්කු වලින් සමන්විත බ්‍රිතාන්‍ය හමුදා කණ්ඩය ප්‍රංශ සහ ඩෙන්මාර්ක් හමුදාවන් සමග කටයුතු කිරීමට නියමිතයි.

මේ අතර අනෙකුත් නේටෝ රටවල හමුදා කණ්ඩායම් ලත්වියාව, ලිතුවේනියාව සහ පෝලන්තය යන රටවල රැඳවීමට නියමිත බවත් වාර්තාවේ.

තම දේශසීමාවන් අසළ නේටෝ හමුදා ස්ථානගත කිරීම තර්ජනයක් බව රුසියාව කියාසිටියි.