බංග්ලාදේශ් පොලිස් අණ නොතැකූ යතුරුපැදිකරුට මරණය

  • 2017 මාර්තු 18
Getty Images Image copyright Getty Images

සන්නද්ධ කණ්ඩායමක සාමාජිකයෙකු යයි සැක කෙරෙන ,පුපුරන ද්‍රව්‍ය රැගත් පුද්ගලයෙකු ඩකා අගනුවර දී වෙඩිතබා ඝාතනය කළ බව බංග්ලාදේශ් පොලිසිය පවසයි.

අණ නොතකා ආරක්ෂක මුරපොළක් හරහා යතුරුපැදියකින් ගමන් කිරීමට උත්සාහ කළ සැකකරුට පොලිස් නිලධාරීන් වෙඩිතැබූ බව පොලිසිය වැඩිදුරටත් කියා සිටියි.

ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපල ආසන්නයේ පිහිටි පොලිස් කඳවුරකට ඊයේ සිකුරාදා (මාර්තු 17) මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.

ඒ සමග ගුවන් තොටුපලවල සහ රටපුරා පිහිටි බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට බංග්ලාදේශය පියවර ගෙන ඇත.

ඩකා අගනුවර පිහිටි ආපන ශාලාවකට පසුගිය වසරේ ප්‍රහාරයක් එල්ල වීමත් සමග ඉස්ලාමීය කැරලිකරුවන් යයි සැකකෙරෙන පුද්ගලයන් සොයා එරට ආරක්ෂක අංශ විසින් වැටලීම් ගණනාවක් සිදු කරනු ලැබුණි.

ආපන ශාලාවට එල්ල වූ එම ප්‍රහාරයෙන් විදේශීය ප්‍රාණඇපකරුවන් දහඅට දෙනෙකු ඇතුළු විසි දෙදෙනෙකු මරුමුවට පත් විය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර