අලුත් පාලමේ නමට එරෙහිව මියන්මාර් 'මොන්' සුළුජනයා වීදියේ

  • 2017 මාර්තු 19
Image copyright AFP

නැගෙනහිර මියන්මාරයේ ඉදිකෙරුණු නව පාලමක් එරට නායිකා අවුන් සාන් සුචි ගේ පියා වෙනුවෙන් නම් කිරීමට ආණ්ඩුව ඉදිරිපත් කොට ඇති සැලසුමට විරෝධය පළකිරීම සඳහා දහස් ගණන් ජනතාව වීදි බැස සිටියහ.

මියන්මාරයේ 'මොන්' ප්‍රාන්තයේ සැල්වීන් ගංගාව හරහා ඉදිකෙරුණු එම පාලම ලබන මාසයේ විවෘත කිරීමට නියමිතයි.

Image copyright AFP

එම ප්‍රාන්තයේ ජීවත් වන මොන් සුළුජන කණ්ඩායමට අවශ්‍ය කරන්නේ සිය ප්‍රාදේශීය ඉතිහාසය පිළිබිඹුවන ආකාරයට අලුත් පාලම නම් කිරීමයි.

අලුත් පාලමේ නාමය මුල්කර ගනිමින් මොන් ප්‍රාන්ත වැසියෝ කීප වරක්ම මෙලෙස වීදි බැස විරෝධය පළ කළහ.

මියන්මාර වාර්තාකරුවන් පවසන්නේ, මෙය හුදෙක් පාලමේ නම වෙනුවෙන් පවතින විරෝධයක් පමණක් නොව එරට මධ්‍යම ආණ්ඩුව සහ හමුදා පාලනය සැදුම් ලත් බහුතර ජනවර්ගයා විසින් සුළුජන කොටස් නොසලකා සිටීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පැන නැගුණු විරෝධතාවක් බවය.

අවුන් සාන් සුචි ගේ පියා සිය අයිතීන් රැකදීමට සහ නිදහසේ ජීවත් වීමට පරිසරයක් සැකසීමට වූ පොරොන්දු ඉෂ්ඨ නොවුණු බව මොන් සුළුජනතාව පවසති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර