නූලෙන් දිවි ගලවාගත් රියැදුරෙක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නූලෙන් දිවි ගලවාගත් රියැදුරෙක්

  • 2017 මාර්තු 21

පේරු රාජ්‍යයේ කනියතේ නදියෙන් ගලා ආ සැඩ පහරට හසුවූ මෝටර් රථයක රියැදුරා සිය දිවි ගලවාගැනීමට තරම් වාසනාවන්ත විය.

ලීමා අගනුවර සිට කිලෝමීටර 160ක් දකුණු දෙසින් වූ ප්‍රදේශයකදී ඔහු මේ අනතුරට මුහුණ දුණි.

පේරු රාජ්‍යයේ හටගෙන ඇති ජල ගැලීම් හා නාය යාම් හේතුවෙන් මේවනවිට පුද්ගලයින් 75 දෙනෙකු පමණ මියගොස් ඇත.

තවත් 20 දෙනෙකු අතුරුදන්වී ඇති අතර ලක්ෂයක් පමණ පිරිසකට නිවාස අහිමි වී තිබේ.