ආයුධ ගබඩා
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යුක්‍රේනයේ ආයුධ ගබඩාවක පිපිරීම් මාලාවක්

  • 2017 මාර්තු 23

නැගෙනහිර යුක්‍රේනයේ ආයුධ ගබඩාවක් තුළ පිපිරුම් මාලාවක් සිදු වීමත් සමග ඒ අවට ප්‍රදේශයේ වෙසෙන විසි දහසකට ආසන්න පිරිසක් ඉවත් කෙරෙමින් පවතී.

ආයුධ ගබඩාවේ හට ගත් පිපිරුම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව බලධාරීහු පවසති.

කර්කිෆ් නගරය ආසන්නයේ ඇති බලාක්ලියා කඳවුර පිහිටා තිබෙන්නේ රුසියාවේ සහාය ලබන බෙදුම්වාදී කණ්ඩායම්වලට එරෙහිව සටන් පවතින ප්‍රදේශයේ සිට කිලෝමීටර සියයක් පමණ දුරකිනි.

මිසයිල සහ කාලතුවක්කු ඇතුළු පතරොම් ටොන් දහස් ගණනක් ගබඩා කර තැබීම සඳහා අදාළ භූමිය යොදා ගෙන තිබේ.

ගැටුම්

මුදවා ගැනීමේ කණ්ඩායම්වල අධීක්ෂණය යටතේ නගරයේ සහ ඒ අවට වෙසෙන ජනතාව ඉවත් කිරීමේ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතී.

හෙක්ටයාර 350 කට අධික භූමි ප්‍රදේශයක් ගබඩා සංකීර්ණයට අයත් බව බලධාරීහු පවසති.

ඒ ආසන්නයේ පිහිටි ගැටුම් පවතින ලුහන්ස්ක් සහ දනේස්ක් ප්‍රදේශ තුළ යොදවා සිටින හමුදා කණ්ඩායම් වෙත ආයුධ සපයනු ලබන්නේ ද අනතුර සිදු වූ ගබඩාව මගිනි.