ළමුන් මිලියන සියයකට දින හතරකදී පෝලියෝ එන්නත

  • 2017 මාර්තු 25
Image caption බාලවියේ සිටින්නන්ට වැළඳෙන පෝලියෝ රෝගය හේතුවෙන් සදාකාලික පක්ෂාඝාත රෝගී තත්වයට පත්වීමේ හැකියාව තිබේ

සෞඛ්‍ය සේවා බලඇණියක් විසින් මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ ළමුන් මිලියන සියයකට පෝලියෝ එන්නත ලබාදීම අද (මාර්තු 25) ආරම්භ කෙරිණි.

ඊසානදිග නයිජීරියාවේ පැතිරයමින් පවතින වසංගත තත්වය මර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

දින හතරක් ඇතුළත මොරිටානියාවේ සිට කොන්ගෝ ජනරජය දක්වාවූ රටවල් දහතුනකට අයත් වයස අවුරුදු පහට අඩු ළමුන්ට ප්‍රතිශක්තිකරණය ලබාදීම මේ මගින් අපේක්ෂා කෙරෙයි.

නයිජීරියාවේ බොකෝ හරාම් ඉස්ලාම්වදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් අවතැන්වූ අති විශාල ජනතාව අතර පෝලියෝ වසංගතය දරුණු ලෙස පැතිර යාමේ අවදානමක් පවතී.

ප්‍රධාන වශයෙන් බාලවියේ සිටින්නන්ට වැළඳෙන පෝලියෝ රෝගය හේතුවෙන් සදාකාලික පක්ෂාඝාත රෝගී තත්වයට පත්වීමේ හැකියාව තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ මෙම එන්නත් වැඩසටහන මෙතෙක් සිදුකර ඇති ප්‍රතිශක්තිකරණය ලබාදීමේ විශාලතම ව්‍යාපෘතිය බවය.

මින් පෙර ලෝක අවදානමක් ලෙස පැවති පෝලියෝ රෝගය මේ වනවිට නයිජීරියාව, ඇෆ්ගනිස්ථානය සහ පකිස්තානය යන රටවල ආවේණික රෝගයක් බවට පත්වී ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර