මෙහෙකාරිය හාමත් කළ යුවලට සිර දඬුවම්

  • 2017 මාර්තු 27
Image copyright Getty Images
Image caption අධිකරණය සිය මෙහෙකාරිය හාමත් කළ යුවලට මාස තුනකුත් සති තුනක කාලයක සිර දඬුවමක් නියම කළේය.

වසරකට වැඩි කාලයක් මුළුල්ලේ සිය මෙහෙකාරිය හාමතේ තැබූ අඹු සැමි යුවලකට සිංගප්පූරු අධිකරණයකින් සිර දඬුවම් නියම කෙරුණි.

ගෘහ සේවිකාවක් වශයෙන් සේවය කළ වසරක කාලය තුළ පිලිපීන ජාතික තෙල්මා ගාවිදාන්ගේ බර කිලෝග්‍රෑම් විස්සකින් පහළ බැස තිබුණි.

ඒ කාලය ඇතුලත සිය ශරීරයේ බර 40% කින් පහළ වැටුණු ඇයට සේවය කළ නිවසේ දී ඉතාමත් සුළු ආහාරයක් ලබා දී ඇත්තේ දිනකට දෙවතාවක් පමණි.

Image caption පිලිපීනයේ ගෘහ සේවිකාවන් පුහුණු කරන මධ්‍යස්ථානයක්

එම අඹුසැමි යුවල විසින් තෙල්මා ගාවිදාන් සතුව තිබු ජංගම දුරකථනය සහ ගුවන් ගමන් බලපත්‍රය තමන් සන්තකයට ගනු ලැබ ඇති අතර ඇය සේවය කළ ගෙදරින් පැන ගොස් උදව් ලබා ගැනීමට වෙනත් කාන්තාවකගේ රැකවරණය ලැබීමට තෙල්මාට සිදු විය.

අධිකරණය සිය ගෘහ සේවිකාව හාමත් කළ යුවලට මාස තුනකුත් සති තුනක කාලයක සිර දඬුවමක් නියම කළේය.

නඩු තීන්දුව සිංගප්පූරුවේ කැලඹීමක් ඇති කිරීමට සමත් වී ඇති අතර, ගෘහ සේවිකාවන්ට කෘර ලෙස සලකන පුද්ගලයන්ට මීට වඩා දැඩි දඬුවම් දීමට පියවර ගන්නා ලෙස බොහෝ දෙනා ඉල්ලා සිටිති.

බීබීසී යෙන්