ඩෙබී කුණාටුවෙන් ක්වීන්ස්ලන්ඩ් පළාතට හානි
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'ඩෙබී' කුණාටුවෙන් ක්වීන්ස්ලන්ඩ් පළාතට හානි

  • 2017 මාර්තු 28

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් පළාතේ හමායන දරුණු කුණාටුව හේතුවෙන් විපතට පත් පිරිස් වලට සහන සැලසීම සඳහා හමුදා හෙලිකොප්ටර් යානා සහ නැව් පිටත්කර හරින බව ඕස්ට්‍රේලියාවේ අගමැතිවරයා පවසයි.

'ඩෙබී' නමින් හඳුන්වා ඇති මෙම කුණාටුව හේතුවෙන් එම පළාත තුළ දසදහස් ගණන් නිවෙස්වල විදුලිබලය විසන්ධි වී ඇති අතර වර්ෂාවත් සමග අධික වේගයෙන් සුළං හැමීම හේතුවෙන් දැඩි හානි සිදුවී ඇති බව වාර්තාවේ.

මෙම අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දැනට එක් මරණයක් වාර්තාවී ඇති බව පැවසූ අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඇතැම් මහාමාර්ග වල ගංවතුර තත්වයක් පවතින අතර නිවෙස්වල ජනෙල් දොරවල් බිඳී ඇති බවය.

මේ අතර දහස් ගණනක් පිරිස ආරක්ෂක ස්ථාන වෙත රැගෙන ගොස් ඇති අතර ගොඩනැගිලි තුළට වී සිටින ලෙස ජනතාවට දැනුම්දී ඇත.