ඉන්දුනීසියාව: අනවසර ධීවර යාත්‍රා පුපුරවා විනාශ කරයි

  • 2017 අප්‍රේල් 2
Image caption බෝට්ටු පුපුරුවා හළ අවස්ථාව

ඉන්දුනීසියානු මුහුදු තීරයේ අනවසරයෙන් මසුන් මැරීමට යොදා ගත් බෝට්ටු අසූ එකක් මුහුදුබත් කිරීමට එරට බලධාරීහු පුපුරන ද්‍රව්‍ය භාවිත කළහ.

ඉන්දුනීසියානු මුහුදේ කලාප දොළහක දී අල්ලා ගන්නා ලද මෙම බෝට්ටු එකවර මුහුදුබත් කරන ලද්දේ සජීවී විකාශනයක් ඔස්සේ බලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වන අතරතුරය.

විනාශයට පත්කළ යාත්‍රා බහුතරයක් වියට්නාම මසුන්මරන්නන්ට අයිති බවත් ඉතිරි යාත්‍රා අතර පිලිපීන, මැලේසියානු මෙන්ම ඉන්දුනීසියානු ධීවරයන් විසින් අනවසරයෙන් මසුන් මැරීමට යොදාගත් බෝට්ටු ඇතුළත් බවත් බලධාරීහු පවසති.

Image copyright AFP
Image caption එරට මුහුදු තීරයේ අනවසරයෙන් මසුන් මැරීමට යොදාගත් බෝට්ටු තුන්සීයකට අධික ප්‍රමාණයක් ජනාධිපති ජෝකෝ විදෝදෝගේ පාලනය යටතේ විනාශ කර ඇත.

එරට මුහුදු තීරයේ අනවසරයෙන් මසුන් මැරීමට යොදාගත් බෝට්ටු තුන්සීයකට අධික ප්‍රමාණයක් ජනාධිපති ජෝකෝ විදෝදෝගේ පාලනය යටතේ විනාශ කර ඇත.

නීති විරෝධී මසුන් මැරීම හේතුවෙන් වසරකට ඇමරිකානු ඩොලර් බිලියන විස්සකට අධික මුදල් සම්භාරයක් සිය රටට අහිමි වන බව ඉන්දුනීසියාව පවසයි.

Image caption ඉන්දුනීසියානු මුහුදේ අනවසරයෙන් මසුන් මැරීමේ යෙදී සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ වියට්නාම ධීවරයන් පිරිසක්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්