ආහාර විෂවීමෙන් පොලිසියේ 200ක් රෝහලේ

  • 2017 අප්‍රේල් 2
Image copyright AFP

දකුණු ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ පුහුණු කඳවුරක පොලිස් නිලධාරීන් දෙසීයකට අසන්න පිරිසක් අහාර විෂවීම හේතුවෙන් රෝහල්ගත කොට ඇති බව එරට බලධාරීහු පවසති.

රෝහල්ගත කොට ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව මීට වඩා ඉහළ අගයක් ගත හැකි බව ඇතැම් වාර්තා සඳහන් කරයි.

මධ්‍යම අතිරේක පොලිස් බල ඇණියට අයත් ආධුනික භටයන් සහ අශ්වාරෝහක පොලිස් නිලධාරීන් පිරිසක් එලෙස රෝගාතුර වී ඇත්තේ ඊයේ (අප්‍රේල් 01) රාත්‍රි අහාරය සඳහා කඳවුරේ දී පිළිගැන්වූ මාළු ව්‍යාංජනයක් සහ බත් අනුභව කිරීමෙන් අනතුරුවයි.

Image copyright AFP

පොලිස් භටයන් විශාල පිරිසක් පසුදා උදෑසන වන විට රෝහල් ගත කෙරුණේ වමනය සහ පාචන තත්වයකින් පෙළුණු බැවිනි.

එම ආහාර විෂවීමේ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට බලධාරීන් විසින් විශේෂ පරීෂණයක් ආරම්භ කරනු ලැබ ඇත.

ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල හමුදා සහ පොලිස් පුහුණු කඳවුරු තුළ පිළිගන්වනු ලබන ආහාර වල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් මීට පෙර කීපවතාවක්ම පැමිණිලි ඉදිරිපත්ව ඇති බව ද වාර්තා වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්