ඊජිප්තුවේ ප්‍රධාන ක්‍රිස්තියානි පල්ලියේ පිපිරීමක්

  • 2017 අප්‍රේල් 9
Image copyright Reuters
Image caption පසුගිය දෙසැම්බර් මාසයේ කයිරෝ අගනුවර ක්‍රිස්තියානි පල්ලියට දේව මෙහෙයක් අතරතුර දී එල්ල කෙරුණු ප්‍රහාරයකින් විසිපස් දෙනෙකු ඝාතනය කෙරුණි.

ඊජිප්තුවේ ප්‍රධාන 'කොප්ටික්' ක්‍රිස්තියානි පල්ලියේ හටගත් පිපිරීමකින් අඩුම තරමින් විසි එක් දෙනකු මියගොස් තවත් විශාල පිරිසකට තුවාල සිදු වී තිබේ.

කයිරෝ අගනුවරට උතුරින් පිහිටි ශාන්ත ජෝර්ජ් 'කොප්ටික්' පල්ලියේ පිපිරීම හටගෙන තිබෙන්නේ ක්‍රිස්තියානි භක්තිකයන් පාස්කු ඉරිදා වෙනුවෙන් පැවති දේව මෙහෙයට රැස් වූ අවස්ථාවේ දීය.

ජේසුස් වහන්සේ ජෙරුසලමට පැමිණීම සනිටුහන් කරමින් සංවිධානය කරනු ලබන ආගමික උත්සවවල ආරක්ෂක තත්වය කෙරෙහි දැඩි සැලකිල්ලෙන් සිටින ලෙස ඊජිප්තුවේ ආරක්ෂක අංශ අනතුරු අඟවා තිබේ.

පල්ලියේ ඇතිවූ පිපිරීමට හේතුව මෙතෙක්‌ හෙළි වී නැති අතර ප්‍රහාරයේ වගකීම කිසිදු සංවිධානයක් භාර ගෙන නොමැත.

ඊජිප්තු ජනගහනයෙන් 10% ක ප්‍රතිශතයක් වන ක්‍රිස්තියානි භක්තිකයන්ට ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ඉස්ලාමීය රාජ්‍යය (IS) සංවිධානය විසින් අන්තර්ජාලයට වීඩියෝ පටයක් මුදා හරිනු ලැබ තිබුණි.

පසුගිය දෙසැම්බර් මාසයේ කයිරෝ අගනුවර ක්‍රිස්තියානි පල්ලියට දේව මෙහෙයක් අතරතුර දී එල්ල කෙරුණු ප්‍රහාරයකින් විසිපස් දෙනෙකු ඝාතනය කෙරුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්