අඩි 42000ක් ඉහළදී ගුවන්යානයකට ගොඩවුණු මගියා

  • 2017 අප්‍රේල් 9
Image copyright TURKISH AIRLINES
Image caption "අතරමගදී ගොඩවුණු මගියාට" උදව් කළ තුර්කි ගුවන් සේවිකාවෝ

අඩි 42,000ක් ඉහළින් පියාසර කරමින් සිටි තුර්කි ගුවන් සේවයට අයත් මගී යානයක් තුළදී, ගුවන් සේවිකාවන්ගේ සහ මගීන්ගේ සහය ඇතිව දරු උපතක් සිදු විය.

ගිනියා රාජ්‍යයේ අගනුවරින් ගුවන් ගතකළ මෙම යානය ඉස්තාන්බුල් නුවර දක්වා පියාසර කරමින් සිටියදී එහි සිටි මගී කාන්තාවක ගැහැණු දරුවෙකු ප්‍රසුත කර ඇත.

අනතුරුව ගුවන්යානය බර්කීනා ෆාසෝ හි ගොඩ බස්වා දරුවාත් මවත් රෝහල් ගත කර තිබේ.

Image copyright TURKISH AIRLINES
Image caption 'කදීජු' ලෙසින් නම්තැබුණු බිළිඳිය සුවෙන් සිටින බව වාර්තා වෙයි

සති 28ක ගැබක්

ගුවන් ගමනින් වෙහෙසට පත්වී ඇති නමුත් මවත් දරුවාත් නිරෝගීව සිටින බව වාර්තා විය.

සති 28ක ගැබක් දරා සිටි එම කාන්තාවට ගුවනේදී ප්‍රසූත වේදනාව ඇතිවූ බව තුර්කි ගුවන් සේවය නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි.

Image copyright TURKISH AIRLINES

ගැබ්ගෙන සති 36ක් දක්වා කාලය අතරතුර ගුවන් ගමන්වල යෙදීමට බොහෝ ගුවන් සේවා අවසරදෙන නමුත් සති 28කට වැඩි ගැබක් දරා සිටින කාන්තාවක් ගුවන් ගමනක යෙදෙන්නේනම් දරුවා ප්‍රසූත කිරීමට නියමිත දිනය සහතික කරමින් වෛද්‍යවරයෙකුගෙන් ලබාගත් ලිපියක් ඉදිරිපත් කළ යුතුය.