සිරියාවේ නගර හතරක ජනතාව ඉවත් කෙරෙයි

  • 2017 අප්‍රේල් 14
Image copyright Reuters
Image caption ජනතාව ඉවත්කිරීම සඳහා බස්රථ රැසක් යොදාගෙන ඇති බවයි වාර්තාවන්නේ

ප්‍රහාරයට ගොදුරුවන නගර හතරකින් තිස්දහසක් පමණ සාමාන්‍ය වැසියන් ආරක්ෂක ස්ථාන වෙත රැගෙන යාමේ මෙහෙයුමක් ආරම්භ කළ බව සිරියාවේ ක්‍රියාධරයෝ පවසති.

එම සැලැස්ම යටතේ ඉරානය සහ කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් කැරළි කරුවන්ගේ පාලනය පවතින බටහිර ඩමස්කස් හි නගර දෙකක් වන මදායා සහ සබාදානි යන නගර දෙකේ සහ රජයේ පාලනයේ පවතින ඉද්ලිබ් පළාතේ නගර දෙකක පදිංචිකරුවන් ඉවත්කිරීම සිදුකෙරේ.

මෙම ප්‍රදේශවල අනතුරුදායක තත්වයක් පවතින බව එක්සත්ජාතීන්ගේ සංවිධානය පවසයි.

විවේචකයන් පවසන්නේ මහජන පදිංචිය වෙනස් කරනුන් ලැබීම එම ප්‍රදේශවල සිටින ජනකණ්ඩායම් වල දත්ත බලහත්කාරයෙන් වෙනසකට භාජනය කිරීමක් බවය.

මෙම පදිංචිකරුවන් ඉවත්කිරීම සිදුවන්නේ සිරියානු සහ රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරුන් අතර සාකච්ඡා මොස්කව් නුවරදී ඇරඹීමට සුදානම් වන අතරතුරයි.

සිරියානු ජනාධිපති අල් අසාද්ගේ තවත් මිත්‍ර රටක් වන ඉරානයේ විදේශ කටයුතු අමාත්‍යවරයාද මෙම සාකච්ඡාවට සහභාගී වීමට නියමිතව ඇත.