යුද සමයේ ඝාතනයකට නේපාල හමුදා භටයන්ට සිර දඬුවම්

  • 2017 අප්‍රේල් 17
Image caption ඝාතනයට ලක්වූ දැරියගේ මව දේවි සුනුවාර්

නේපාලයේ සිවිල් යුද්ධය පැවති සමයේ දී පහළොස් හැවිරිදි දැරියක මරා දැමීමේ වරදට නේපාල හමුදා භටයන් තිදෙනෙකුට විසි අවුරුදු සිර දඬුවමක් පනවයි.

වධ හිංසාවන්ට ලක්කොට මරා දමන ලද දැරිය මාඕවාදී කැරලිකරුවන් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවට මෙම හමුදා භටයන් සැකකර තිබේ.

මෙම දැරිය ඝාතනයකර ඇත්තේ 2004 වසරේදී ය.

Image copyright Getty Images
Image caption මාඕවාදී කැරලිකරුවන්

කෙසේ නමුත් මෙම නඩු විභාගය සඳහා හමුදා භටයන් තිදෙනා සහභාගීවී නොමැති අතර සිරගතකිරීම සඳහා ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකිවේද යන්න සැක සහිතය.

එරට ක්‍රියාධාරිනියක බීබීසීයට කියා සිටියේ නේපාල හමුදාව මෙම අපරාධකරුවන් සඟවාගෙන සිටින බවය.

1995 සිට 2006 දක්වා පැවති නේපාලයේ සිවිල් යුද්ධය අතරතුර සිදුවූ අපරාධවලට එරට හමුදා භටයන් පිරිසකට මෙවැනි අධිකරණ දඬුවමක් පනවනු ලැබුණේ දෙවැනි වතාවටය.