උතුරු කොරියාව 'න්‍යෂ්ටික ප්‍රතිප්‍රහාර වලට සූදානම්'

  • 2017 අප්‍රේල් 18
Image copyright AFP

ඇමෙරිකාව සහ සිය රට අතර ඉහල යමින් පවතින මිලිටරි උණුසුම සහ ජාත්‍යන්තරයෙන් එල්ලවන දෝෂාරෝපණ නොසලකා හරිමින් දිගින් දිගටම මිසයිල අත්හදාබැලීම්වල නිරත වන බව උතුරු කොරියාව පවසයි.

උතුරු කොරියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය හන් සොන්ග්රියෝල් ඒ බව කියා සිටියේ පියෝන්ග්යැන්ග් නුවර පැවති මාධ්‍ය හමුවක දී බීබීසිය සමග අදහස් දක්වමිනි.

"සතිපතා මාස්පතා අවුරුදුපතා අපි දිගින් දිගටම මිසයිල අත්හදාබැලීම් කරගෙන යනවා," නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා කියා සිටියේ ඇමරිකාව සිය රටට එරෙහිව ප්‍රහාරයක් එල්ල කළහොත් ඇමරිකාවට එරෙහිව "පූර්ණ යුද්දයකට" එළැඹෙන බවටද අනතුරු අඟවමිනි.

Image caption උතුරු කොරියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය හන් සොන්ග්රියෝල්

ඇමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් මින් පෙර ප්‍රකාශයක් කරමින් කියා සිටියේ උතුරු කොරියාව ඇමරිකාවේ 'ඉවසීමේ සීමාව' පරීක්ෂාවට ලක් නොකළ යුතු බවය.

"පූර්ණ යු ක්‍රියාමාර්ග"

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ඇමරිකාව ' වශයෙන් ඉවසීම ප්‍රදර්ශනය කළ යුගය' අවසන් බවය.

පසුගිය ඉරිදා උතුරු කොරියාව විසින් දියත් කළ අසාර්ථක මිසයිල අත්හදාබැලීමෙන් සුළු වෙලාවකට පසුව උප ජනාධිපති පෙන්ස් දකුණු කොරියාවේ සියෝල් අගනුවරට සම්ප්‍රාප්ත විය.

පසුගිය අඟහරුවාදා ටෝකියෝ නුවර සංචාරයක නිරතවන අතරතුර මාධ්‍ය ඇමතූ ඇමරිකානු උප ජනාධිපතිවරයා, උතුරු කොරියාව කලාපයට විශාල තර්ජනයක් එල්ල කරන "අශුභ රටක්" බව පවසමින් කියා සිටියේ ඇමරිකාව සහ මිත්‍ර රටවල් පියෝන්ග්යැන්ග් පාලනයට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමට හෝ ඊට වඩා ප්‍රබල පියවරක් ගැනීමට වුවත් සූදානමින් සිටින බවය.

Image caption ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති මයික් පෙන්ස්

ඒ අතර ඇමරිකාව සිය රටට එරෙහිව හමුදාමය ප්‍රහාරයක් සුදානම් කරමින් සිටී නම්, තමන්ට ප්‍රහාරයක් එල්ල වීමට පෙර න්‍යෂ්ටික ප්‍රතිප්‍රහාර එල්ල කරන බව උතුරු කොරියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා බීබීසීයට කියා සිටියේය.

උතුරු කොරියාවේ අරමුණ

පසුගිය වසර කීපය තුළ ජාත්‍යන්තරයෙන් එල්ල වූ දැඩි විරෝධය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවනු ලැබූ සම්බාධක නොසලකා හරිමින් උතුරු කොරියාව දිගින් දිගටම සිය මිසයිල අත්හදා බැලීමේ කටයුතු වල නිරත විය.

ඇමරිකාව ඇතුළු ලොව ඕනෑම රටකට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කළ හැකිවන අයුරින් මහාද්වීම අතර පිහිටුවන සිය බැලස්ටික් මිසයිලයකට න්‍යෂ්ටික මිසයිල ශීර්ෂයක් සවි කිරීම උතුරු කොරියාවේ බලාපොරොත්තුවයි.

උතුරු කොරියාවේ අරමුණ ඉටු කර ගැනීමට ඉඩ නොදෙන බව පවසන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාත්‍යන්තරය තුළ උතුරු කොරියාව තනි කිරීමේ පියවර දැඩි කිරීමට කටයුතු කරමින් සිටියි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර