එක සිය එකයි, සීය දිනයි

  • 2017 අප්‍රේල් 25
Image copyright AFP

මන් කවුර් (Man Kaur), 101 හැවිරිදි ඉන්දීය ජාතික මලල ක්‍රීඩිකාවකි.

පසුගියදා ඇය අපූරු හපන්කමක් කළාය.

නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි පැවති ලෝක මාස්ටර්ස් ශූරතාවයේ (World Masters Games) මීටර් සියය දිවීමේ තරගයේ ජයග්‍රහණය කිරීමට ඇය සමත්විය.

තරගය ජයග්‍රහණය කළ ඇය එය සැමරුවේ නර්තනයකින්ද ක්‍රීඩා ලෝලීන් කුල්මත් කරවමිනි.

මිනිත්තුවක් සහ තත්පර 14 ඇතුළත තරගය නිමාකිරීමට ඇය සමත් වූ අතර, එම වයස් කාණ්ඩයේ තරගකාරියන් අතරින් තරගය නිමා කළේ ද ඇය පමණි.

Image copyright AFP

නවසීලන්ත ජනමාධ්‍ය මන් කවුර් හඳුන්වන්නේ "චන්දිගාරයේ ආශ්චර්යය" ලෙසිනි.

ලෝක මාස්ටර්ස් ශූරතාවයට තරග වැදීමට ප්‍රථම ඇය පරීක්ෂා කළ වෛද්‍යවරු, ඇය යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින බව සනාථ කළහ.

93 හැවිරිදි වියේදී මන් කවුර් මලල ක්‍රීඩාවට අවතීර්ණ වූයේ සිය පුතාවන ගුර්දේව් සමගය.

Image copyright AFP
Image copyright AFP