උතුරු කොරියාව චීනයටත් එරෙහි වෙයි

Image caption කිම් ජොන් අන් චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයකු වන ලියූ යුන්ෂාන් සමඟ

උතුරු කොරියාව මින්පෙර සිදු නොකළ ආකාරයේ පියවරක් ගනිමින් චීනය දරුණු දෝෂ දර්ශනයට ලක්කර ඇත.

චීනය සලකනු ලබන්නේ උතුරු කොරියාවේ මිතුරු රාජ්‍යයක් හැටියටයි.

එහෙත් මේ අතර උතුරු කොරියානු න්‍යෂ්ටික ව්‍යාපෘතිය පාලනය කර ගන්නා මෙන් චීනය පසුගියදා ඉල්ලීමක් කර තිබුණි.

එය චීනයේ මෝඩ දේශපාලකයන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ ඉල්ලීමක් හැටියට උතුරු කොරියාවේ රාජ්‍ය පුවත් ආයතනය විසින් විග්‍රහ කරනු ලැබ ඇත.

'ප්යෝන්ග්යෑන්' පාලනය මින් පෙරත් චීනය විවේචනය කර ඇතත් මෙවර විශේෂත්වය වන්නේ චීනය නමින්ම සඳහන් කරමින් එම විවේචනය එල්ල කිරීමයි.

දැඩි දෝෂ දර්ශනයට ලක් කරන අතරවාරයේ චීනය 'අසල්වැසි රටක්' යනුවෙන් හඳුන්වමින් එම දරුණු විවේචනය තරමක් මෘදු කිරීමට ද උතුරු කොරියානු බලධාරීන් පියවර ගෙන ඇත.

මේ අතර චීන රාජ්‍ය අයිතිය සහිත 'ග්ලෝබල් ටයිම්ස්' (Global Times) පුවත්පත උතුරු කොරියානු විවේචන සම්බන්ධයෙන් ප්‍රතිචාර පළ කරමින්, 'ප්යෝන්ග්යෑන්' පාලනය ඔවුන්ගේ න්‍යෂ්ටික ව්‍යාපෘතිය පිළිබඳව අතාර්කික පොර බැදීමක නිරත වෙමින් සිටින බව පවසයි.