පිලිප් කුමරු ඉසුඹු ලබයි

Image caption ලබන මාසයේ දී අනූහය වැනි විය සම්පුර්න කරන පිලිප් කුමරු

බ්‍රිතාන්‍ය දෙවන එලිසබත් රැජිනගේ සැමියා වන එඩින්බ්‍රා ආදිපාද පිලිප් කුමරු මේ වසරේ අගෝස්තු මාසයේ පටන් පොදු මහජන කටයුතු සඳහා සහභාගී නොවන බව බකිංහැම් මාළිගය පවසයි.

තවත් මාස දෙකක කාලයක් පොදු කටයුතුවල නිරත වීමෙන් පසු විශ්‍රාම ගන්නා පිලිප් කුමරු ඉන් අනතුරුව ලැබෙන ආරාධනා භාර නොගන්නා බව බකිංහැම් මාළිගය මගින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි.

Image caption සිය බිරිඳ එලිසබත් රැජින සමඟ

සිය සැමියා විසින් ගන්නා ලද තීරණයට එලිසබත් රැජිනගේ පූර්ණ අනුමැතිය සහ සහයෝගය ලැබී ඇති බවත් එම රාජකීය නිවේදනයේ දැක්වෙයි.

එඩින්බ්‍රා ආදිපාද පිලිප් කුමරුගේ දිවියට ලබන මාසයේ දී වයස අවුරුදු අනූ හයක් සම්පුර්ණ වෙයි.

බ්‍රිතාන්‍ය දේශපාලන දහරාවේ සියලු පක්‍ෂ වලින් ආදිපාදවරයාට ශුභපැතුම් පළවෙමින් ඇති බවත් වාර්තා වෙයි.

Image caption පිලිප් කුමරු තුරුණු වියේදී

පිලිප් කුමරාගේ සමාජ දායකත්වය ඉදිරි වසර ගණනාවක් සඳහාත් මහා ප්‍රතිලාභයක් වනු ඇතැයි බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ප්‍රකාශ කළාය.