ප්‍රංශ ජනපතිවරණ සටන ඇරඹෙයි

Image caption අනාගත ජනාධිපති පදවිය මේ දෙදෙනාගෙන් කාටද?

ප්‍රංශ ජනාධිපතිවරණයේ ඡන්දය විමසීම මේවනවිට පෙරට යමින් පවතී.

මෙය මෙවර ජනාධිපතිවරණයේ දෙවන සහ තීරණාත්මක ඡන්ද විමසීමයි.

මෙම ජනපතිවරණ සටනේ පළමු ඡන්ද විමසීම පසුගිය මාසයේ පැවැත්වුන අතර එම වටයේ දී කිසිදු අපේක්ෂකයකු ජයග්‍රහනය සඳහා අවශ්‍ය 50% ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට අසමත් විය.

එම පළමු වටයේ දී ප්‍රංශ සමාජවාදී පක්ෂයේ සහ දක්ෂිණාංශික රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයන් දෙදෙනා පරාජයට පත්වූ අතර අද (මැයි 07) තරඟය පැවැත්වෙන්නේ යුරෝපා හවුල තුළ රැඳී සිටීමට පක්ෂ එම්මානුවෙල් මැක්‍රෝන්(Emmanuel Macron) සහ අන්ත දක්ෂිණාංශික නායිකාවක ලෙස සැලකෙන මරීන් ල පෙන් (Marine Le Pen )අතරයි.

Image caption ඡන්දදායක උනන්දුව

මෙම ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රචාරක කටයුතු සිකුරාදා නිමවූ අතර එම්මානුවෙල් මැක්‍රෝන් අන්තරජාල හැකරුන්ගේ ප්‍රහාරවලට ගොදුරු වූ බව මාධ්‍ය මගින් වාර්තා කරනු ලැබුණි.

මැතිවරණ නීති යටතේ අපේක්ෂකයන් දෙදෙනාටම ප්‍රසිද්ධ ප්‍රකාශන නිකුත් කරනු ලැබීම තහනම් වෙයි.

එහෙත් බලයේ සිටින ජනාධිපති ෆ්රාන්ෂුවා ඔලෝන්ද් ප්‍රකාශයක් කරමින්, අන්තර්ජාල හැකරුන්ගේ ආක්‍රමණ සම්බන්ධයෙන් 'පිළිතුරු නොදිය යුතු නැතැයි' කියා සිටියේය.

Image caption අනාගත කාර්යභාරය අවිනිශ්චිතයි- බලයේ සිටින ජනාධිපති ෆ්රාන්ෂුවා ඔලෝන්ද්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර