ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් සුබ පැතුම්!

Image copyright Getty Images
Image caption 'යුරෝපීය අනාගතයක්' තෝරාගත් ප්‍රංශයේ නව නායකයා

ඊයේ (මැයි 07) ප්‍රංශ ජනාධිපතිවරණයෙන් දක්ෂිණාංශික ජාතිකවාදී අපේක්ෂිකා මරීන් ල පෙන් (Marine Le Pen) පරාජයට පත් කරමින් එම්මානුවෙල් මැක්රෝන් (Emmanuel Macron) ලද ජයග්‍රහණය සම්බන්ධයෙන් යුරෝපා නායකයෝ සතුට පළ කරති.

යුරෝපා හවුලට හිතවත් නව ජනාධිපතිවරයාට මුලින්ම දුරකතනය මගින් ශුභ පතන ලද්දේ ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් විසිනි.

යුරෝපා කොමිසමේ සභාපති ෂෝන් ක්ලෝඩ් ජුන්කර් සිය ශුභ පැතුම් පළ කරමින්, ප්‍රංශය 'යුරෝපීය අනාගතයක් තෝරා ගනු ලැබීම' සම්බන්ධයෙන් සතුටට පත්වන බව කියා සිටියේය.

ප්‍රංශ ඉතිහාසයේ ළාබාලම ජනාධිපතිවරයා හැටියට ඉතිහාසයට එක්වූ නව ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන්ට ශුභ පැතුම් එක් කළ ලෝක නායකයන් අතර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂින් ජින්පින් ද වෙති.

ප්‍රංශ ජනාධිපති ප්‍රතිඵලයත් සමඟ ආසියානු කොටස් වෙළෙඳපොළේ මිලෙහි ඉහළ යාමක් වූ අතර වෙළෙඳපොළ ක්ෂේත්‍රයෙන් ද ශුභවාදී ප්‍රතිචාරයක් පළවිය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර