ට්‍රම්ප් තාප්පය: 'කුළුගෙඩියෙන් බිඳින්න බැහැ'

ට්‍රම්ප් තාප්පය

අසල්වැසි මෙක්සිකෝ දේශ සීමාවේ ඉදි කිරීමට නියමිත තාප්පය සැලසුම් කිරීමේ අවසන් වටය සඳහා පුද්ගලයන් තෝරා ගෙන ඇති බව ඇමරිකානු රජය පවසයි.

මෙක්සිකෝව සහ ඇමරිකාව අතර දේශ සීමාවේ තාප්පයක් ඉදි කිරීම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දු අතරින් එකකි.

ජුනි මාසයේ මැද භාගය වන විට අවසන් වටය සඳහා තේරුණ පුද්ගලයන් අතරින් ජයග්‍රාහකයන් තෝරා ගැනීමට නියමිතය.

ඉන් අනතුරුව එම ජයග්‍රාහකයන් විසින් තාප්පයේ මූලාකෘති ඉදිරිපත් කළ යුතුය.



එම ආකෘතිවල උස මීටර් 5.5 ත් මීටර් 9 ත් අතර විය යුතුය.

කුළුගෙඩි පහරට

Image copyright Getty Images
Image caption මෙක්සිකෝ දේශ සීමාවේ තාප්පයක් ඉදි කිරීම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දු අතරින් එකකි

කිසිවකුගේ සහයක් නොමැතිව නැගීමට නොහැකි තාප්පයක ආකෘති සැලසුම් කළ යුතු අතර පැයක කාලයක් කුළු ගෙඩි පහරට සහ විදුලි කෝෂ මගින් ක්‍රියාත්මක උපකරණ සඳහා එය ඔරොත්තු දිය යුතු වේ.

ආකෘති නිර්මාණය කිරීමේ කොන්ත්‍රාත් ගාස්තු වශයෙන් ඇමරිකානු ඩොලර් දෙලක්ෂයේ සිට පන්ලක්ෂය දක්වා මුදලක් වැයවනු ඇතැයි ගණන් බලා තිබේ.

තාප්පයේ ඉදි කිරීම් සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන ආකාරය මෙතෙක් පැහැදිලි නොමැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර