'එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට' එළිදැක්වෙයි
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට' එළිදැක්වෙයි

  • 2017 මැයි 16

දශක පහක පමණ කාලයක් ශ්‍රී ලංකා ගුවන් විදුලි මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කළ, දිවියෙන් සමු ගත් ප්‍රවීණ මාධ්‍යවේදී එල්මෝ ප්‍රනාන්දු ගේ ජීවන තොරතුරු ඇසුරෙන් සම්පාදනය කළ 'එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට' ග්‍රන්ථය අද (මැයි 16) එළිදැක්විණි.

විජිත් කුමාර් සේනාරත්න විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථය එළිදැක්වූයේ කොළඹ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදීය.

ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ මාධ්‍යවේදීන් රැසක් ඊට සහභාගි වූහ.

ශ්‍රී ලංකා ගුවන් විදුලි ක්ෂේත්‍රයේ හොඳම සන්නාමය හිමි කර ගත් තැනැත්තා ලෙස එල්මෝ ප්‍රනාන්දු හැඳින්විය හැකි බව එහිදී අදහස් දැක්වූ මාධ්‍යවේදී නාමල් පෙරේරා පැවසීය.



ග්‍රන්ථය එළිදැක්වීමට සමගාමීව එල්මෝ ප්‍රනාන්දු අනුස්මරණය කරනු වස් ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ගොඩනැගිල්ල තුළ ජනමාධ්‍යවේදීන්ගේ පරිශීලනය සඳහා ස්ථාපිත වයි-ෆයි පහසුකම ද විවෘත කෙරිණි.

1992 දී බීබීසී සංදේශය වැඩසටහන සමග එක්වෙමින්, විශ්‍රාම යන තුරුම දශක දෙකක කාලයක් පුරා එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට මාධ්‍ය මෙහෙවරේ යෙදී සිටියේය.

'එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට' යන යෙදුම පසු කාලීනව ඔහුගේ සන්නාමය බවට පත් විය.

ප්‍රවීණ මාධ්‍යවේදී එල්මෝ ප්‍රනාන්දු මිය යන විට හැත්තෑ පස් වැනි වියේ පසු විය.