බංග්ලාදේශයේ සමරිසි දඩයමක්

  • 2017 මැයි 19
Image caption බංග්ලාදේශ් සමරිසි ප්‍රජාව සමාජ අපවාදයට සහ පහරදීමට ලක්වෙති

ඩකා අගනුවර ප්‍රජා මධ්‍යස්ථානයක රැස්ව සිටි සමරිසි පුරුෂයන් (gay men) විසිහත් දෙනෙක් බංග්ලාදේශ් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි.

අසල්වාසීන් විසින් දෙන ලද ඔත්තුවක් අනුව ප්‍රජා මධ්‍යස්ථානය වටකරමින් එම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිස් ප්‍රකාශකයෙක් පවසයි.

එම ප්‍රජා මධ්‍යස්ථානයේ තිබී මත් ද්‍රව්‍ය සහ උපත්පාලන කොපු හමු වූ බවත් බංග්ලාදේශ් පොලිසිය සඳහන් කරයි.

බංග්ලාදේශ් සමාජය තුළ සමලිංගික සම්බන්ධතා පැවැත්වීම නීතිය මගින් තහනම් කරනු ලැබ ඇත.

එම නීතිය ක්‍රියාත්මක කෙරෙන්නේ කලාතුරකින් නමුත් සමරිසි ප්‍රජාව එම සමාජය තුළ ගැරහීමට අපවාදයට සහ පහරදීම් ආදියට නිතර ගොදුරු වෙති.

Image copyright David McNew
Image caption සමරිසි අයිතිය ඉල්ලා සිටින සංකේතයක්

බංග්ලාදේශයේ සමලිංගික ප්‍රජා අයිතිය වෙනුවෙන් පෙනී සිටි ප්‍රමුඛ ක්‍රියාධරයකු වූ කුල්හාෂ් මනන් (Kulhaz Mannan)ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමක සාමාජිකයන් යයි සැක කෙරෙන කණ්ඩායමක් විසින් පසුගිය වසරේ මරා දමනු ලැබුණි.