මැන්චෙස්ටර් ප්‍රහාරය : සැකකරුවකු අත්අඩංගුවට

මැන්චෙස්ටර් හිදී එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් එක් සැකකරුවකු දකුණු මැන්චෙස්ටර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනිණි.

එම පුද්ගලයා 23 හැවිරිදි අයෙකු බව වාර්තා විය.

Image copyright Mark Worswick
Image caption සැකකරු අත්අඩංගුවට පත්වීම

අත්අඩංගුවට ගැනීම දුටු මැන්චෙස්ටර් හි ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකුවන නික් යේට්ස්, "මාර්ගය අයිනේ නවතා තිබු කළු පාට වෑන් රියක 6ක් හෝ 8ක් පමණ වූ පොලිස් නිලධාරීන් පිරිසක් හිටියා. ඔවුන් නිල ඇඳුමින් හිටියේ නැහැ. මම මාර්ගය හරහා මාරුවෙනකොටයි දැක්කේ අත්වලට විලංගු දැමු කෙනෙක් වාඩි වී සිටින බව." යැයි පැවසීය.

Image copyright Getty Images
Image caption මැන්චෙස්ටර් වෙත ගිය අගමැතිනි තෙරේසා මේ සහ ස්වදේශ ලේකම් ඇම්බර් රඩ් මැන්චෙස්ටර්හි ප්‍රධාන පොලිස් නිලධාරී ඉයන් හොප්කින්ස් සමග

බෝම්බ ප්‍රහාරයේදී 8 හැවිරිදි සැෆී රෝස් රුසොස් නම් දැරියද මියගොස් ඇති බව ලැන්කෂයර් ප්‍රාන්ත සභාව පැවසීය. එසේම, 18 හැවිරිදි ශිෂ්‍යාවක වූ ජෝර්ජිනා කලන්ඩර් ද මියගිය අයගේ ලැයිස්තුවට අයත්ව තිබේ.

Image caption සැෆී රෝස් රුසොස් (අවු 8) සහ ජෝර්ජිනා කලන්ඩර් (අවු 18)

මැන්චෙස්ටර් ප්‍රහාරයේදී 22 දෙනෙකු මියගොස් තවත් 59 දෙනෙක් තුවාල ලැබුහ.

Image copyright PA
Image caption ඩවුනින් වීදියේ (බ්‍රිතාන්‍ය අගමැති නිල නිවාස පිහිටි ස්ථානය) අඩකුඹු කෙරුණු බ්‍රිතාන්‍ය ධජය

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර