'රොක්' සංගීත සංදර්ශනයකට පයිප්පයෙන් බීර

  • 2017 ජුනි 3
Beer pipeline being laid Image copyright WOA website

'රොක්' සංගීත සංදර්ශනයකට සහභාගී වන රසිකයන් වෙනුවෙන් බීර සැපයීම සඳහා උමං නළ පද්ධතියක් එලීමේ පුවතක් ජර්මනියෙන් වාර්තා වේ.

'Wacken Open Air'නමැති සංගීත සංදර්ශනය අගෝස්තු මාසයේ ආරම්භ වීමට නියමිතය.

බීර නළ පද්ධතිය නිසා සංදර්ශනය වඩාත් පරිසර හිතකාමී අයුරින් පැවතීමට හැකි වනු ඇති බව සංවිධායකයෝ පවසති.

බීර නළයේ විශ්කම්භය අඟල් දාහතරක් වන අතර තත්පර හයක් තුළ බීර වීදුරු හය බැගින් ඒ ඔස්සේ ගලා ආ යුතුය.

Image copyright WOA website
Image copyright Getty Images

'Wacken Open Air'ලොව විශාලතම 'හාඩ් රොක්' සංගීත සංදර්ශන අතරින් එකකි.

ඒ සඳහා 'රොක්' සංගීත කණ්ඩායම් 150 ක් සහභාගී වීමට නියමිතය.

දින තුනක් පුරා පැවැත්වෙන සංගීත සංදර්ශනය සඳහා වසරක් පාසා ලොව පුරා වෙසෙන 'හාඩ් රොක්' සංගීත ලෝලීන් හැත්තෑ පන්දහසක් පමණ සහභාගී වන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්