මැනිලා වෙඩි තැබීම: මළසිරුරු තිස් හයක් හමුවෙයි

Image copyright AFP/Getty Images

පිලිපීනයේ මැනිලා අගනුවර කැසිනෝ ශාලාවක් සහ හෝටල් සංකීර්ණ ගොඩනැගිල්ලකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව ගොඩනැගිල්ල තුළ තිබී අවම වශයෙන් මළසිරුරු තිස් හයක්වත් සොයා ගත් බව එරට පොලිසිය පවසයි.

වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා විසින් කැසිනෝ ක්‍රීඩාව සඳහා යොදා ගනු ලබන මේස ගිනි තබා ඇති අතර ගින්නෙන් ඇති වූ විෂ සහිත දුමාරය මරණ වැඩි සංඛ්‍යාවකට හේතු වී ඇති බව බලධාරීහු පවසති.

අද සිකුරාදා (ජුනි 02) උදෑසන 'රිසෝර්ට් වර්ල්ඩ්' කැසිනෝ ශාලාවට වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් ප්‍රකාශයට පත් වී නොමැත.

වෙඩි ප්‍රහාරය එල්ල කිරීමෙන් අනතුරුව ඔහු තමන්ටම ගිනි තබාගෙන මරණයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

Image copyright Philippine Police
Image caption CCTV කැමරාවල සටහන් වූ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාගේ දර්ශන
Image copyright EPA
Image caption ප්‍රහාරයෙන් අනතුරුව එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කෙරිණි

ගොඩනැගිල්ලේ ඉහළ මහල්වල සිට බිමට පැනීම සහ දිව යාමේදී ඇති වූ තෙරපීම හේතුවෙන් තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ.

ඉස්ලාමීය කැරලිකරුවන් විසින් ප්‍රහාරය එල්ල කළ බවට ආරම්භයේ දී සැක කෙරුණු නමුත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙක් පසුව කියා සිටියේ ප්‍රහාරය එල්ල කළ තැනැත්තා "ත්‍රස්තවාදියෙකු නොවන" බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර