මැක්‍රෝන්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පැරිස් සම්මුතිය: "අපි විශිෂ්ට ලොවක් යළි ගොඩනගමු"

පැරිස් සම්මුතියෙන් ඉවත් වීමට ඇමරිකානු ජනාධිපතිවරයා ගත් තීන්දුව ලෝක නායකයන් ගණනාවකගේ විවේචනයට ලක්ව තිබේ.

ඇමරිකානු ජනාධිපතිවරයා ගත් එම තීරණයට තමන් ගරු කරන බව කී ප්‍රංශයේ නව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් " නමුත් මම හිතනවා එය ඒකාන්තයෙන්ම අත්වැරැද්දක් කියා, එක්සත් ජනපදයටත් ලෝකයටත් යන දෙකටම" යනුවෙන් පැවසීය.

පසුගිය 01 වෙනිදා අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ දේශගුණ විපර්යාස මැඩලීම සඳහා වන සටන අත නොහරින බවට ප්‍රංශය සහතික වන බවය.

පැරිස් සම්මුතිය ඉදිරියට ගෙන යාම සඳහා ලොව සෙසු රටවල් සමග එක්ව කටයුතු කරන බවත් ජනාධිපති මැක්‍රෝන් එහිදී සඳහන් කළේය.

ඒ සඳහා කටයුතු කිරීමට උනන්දුවක් දක්වන ඇමරිකානුවන්ට ප්‍රංශයට පැමිණ ඒ සඳහා දායක වන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

"අප කොතැනක හිටියත්, අප කවුරු වුනත් අපට එක හා සමාන වගකීමක් පැවරෙනවා . අපි විශිෂ්ට ලොවක් යළි ගොඩනගමු" ජනාධිපති මැක්‍රෝන් වැඩිදුරටත් කියා සිටියේය.

වැඩි විස්තර සඳහා: