පසුගිය සතියේ නොදැන සිටි කරුණු පහක්

Image copyright Getty Images

01. තමා වෙත සෘජු ඇමතුම් ලබා දෙන ලෙස ඉල්ලමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක නායකයන් වෙත සිය ජංගම දුරකථන අංකය ලබා දී ඇති බව 'ලොස් ඇන්ජලීස් ටයිම්ස්' වෙබ් අඩවිය වාර්තා කරයි.

එවැනි ආරාධනයක් කිරීම සාමාන්‍යයෙන් පවතින රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදවලට පටහැණි බව පවසන 'ලොස් ඇන්ජලීස් ටයිම්ස්' වෙබ් අඩවිය එය ඇමරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව කෙරෙහි බලපෑමට ඉඩකඩ ඇති බව කියා සිටී.

Image copyright Getty Images

02. හිසකෙස් පහව ගොස් තට්ටය පැදීමට හේතුව විද්‍යාඥයන් විසින් අත් වැරදීමකින් සොයා ගනු ලැබ ඇතැයි 'නිව් සයන්ටිස්ට්' සඟරාව වාර්තා කරයි.

එමගින් තට්ටය පෑදීම වලක්වා ගැනීම සඳහා ප්‍රතිකාර කිරීමට මග සැලසිය හැකැයි පවසන 'නිව් සයන්ටිස්ට්' සඟරාව නැවත හිසකෙස් වර්ධනය කිරීමේ ක්‍රියාවලිය සඳහා ප්‍රධාන වශයෙන් බලපාන ප්‍රතිදේහ සෛල වර්ගයක් සොයා ගැනීමට කැලිෆෝනියා සැන් ෆ්‍රැන්සිස්කෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් සමත් වී ඇති බව කියා සිටී.

Image copyright AFP
Image caption දැනට පවතින රැකියාවලින් බ්‍රිතාන්‍යයේ 30% ක්ද ඇමරිකාවේ 38%ක් ද ජර්මනියේ 35%ක් සහ ජපානයේ 21% ක්ද ස්වයංක්‍රීය කරණය හේතුවෙන් දැඩි අවදානමකට ලක්වන බවයි පැවසෙන්නේ

03. වසර හතළිස් පහක් ඇතුළත මිනිසුන් හා සමානව කටයුතු කළ හැකි කෘතීම බුද්ධියක් සහිත රොබෝ යන්ත්‍ර බිහි වීමට සියයට පනහක(50%) ඉඩක් පවතින බවත් 'නිව් සයන්ටිස්ට්' සඟරාව පවසයි.

කෘතීම බුද්ධිය පිළිබඳ පර්යේෂණ සිදු කරන විද්‍යාඥයන් 350 කට අධික පිරිසක් යොදා ගනිමින් කළ සමීක්ෂණයකට අනුව 2024 වන විට රොබෝ යන්ත්‍ර මනුෂ්‍යයන් අභිබවා භාෂා පරිවර්තනය කිරීමේ හැකියාව ළඟා කර ගනු ඇති බව විශ්වාස කෙරේ.

Image copyright NASA

04. සූර්යයාගේ වායුගෝලය වෙත අභ්‍යවකාශ යානයක් යැවීමට ඇමරිකාවේ නාසා අභ්‍යවකාශ මධ්‍යස්ථානය සූදානම් වෙයි.

සූර්ය කුණාටු පිළිබඳ අනාවැකි කීමට මෙන්ම ආලෝකයේ සහ උෂ්ණත්වයේ ප්‍රභවස්ථානය පිළිබඳ සැඟවුණු කරුණු සෙවීම එහි අරමුණයි.

Image copyright Getty Images

05. ලොව විශාලතම පාවෙන සූර්ය බලශක්ති බලාගාරයේ ඉදිකිරීම් නිම කර ඇතැයි චීනය නිවේදනය කළ බව 'ඉන්ඩිපෙන්ඩන්ට්' පුවත්පත වාර්තා කරයි.

මේ වන විටත් එමගින් සූර්ය බල ශක්තිය නිෂ්පාදනය කෙරෙන බව වැඩිදුරටත් එහි සඳහන් වේ.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර