ඉරාන පාර්ලිමේන්තුවට සහ අයතුල්ලා කොමෙයිනිගේ සමාධියට ප්‍රහාරයක්

  • 2017 ජුනි 7
Image copyright AFP
Image caption ඉරාන පාර්ලිමේන්තුව

ටෙහෙරාන් අගනුවර පිහිටි පාර්ලිමේන්තුව තුළ සහ අයතුල්ලා කොමෙයිනිගේ සමාධිය අසල දී වෙඩි තැබීම් සිදුව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

පාර්ලිමේන්තුව තුළ සිදු වූ වෙඩි තැබීමෙන් ආරක්ෂක භටයෙකු තුවාල ලබා ඇති බව පුවත් වාර්තාවල සඳහන් වේ.

මේ අතර ඉන් කිලෝමීටර කිහිපයක් ඔබ්බෙන් පිහිටි ඉස්ලාමීය ජනරජයේ නිර්මාතෘ අයතුල්ලා කොමෙයිනිගේ සමාධිය අසල ප්‍රහාරයක් සිදුව ඇති බවට ද වාර්තා පළ වේ.

Image copyright JAMARANNEWS/FARS
Image caption සමාධියෙන් පිටත පිපිරීම සිදු වූ ආකාරය දැක්වෙන ඡායාරූපයක් 'ෆාර්ස්' පුවත් ආයතනය විසින් පළ කරනු ලැබ ඇත
Image copyright AFP
Image caption දකුණු ටෙහෙරානයේ පිහිටි අයතුල්ලා කොමෙයිනි සමාධිය

සන්නද්ධ පුද්ගලයන් තිදෙනෙකු සමාධිය වටලා ප්‍රහාර එල්ල කළ බව 'ෆාර්ස්' පුවත් ආයතනය පවසයි.

මරාගෙන මැරෙන ප්‍රහාරකයෙකු විසින් සිය බෝම්බය පුපුරවා හැරීමට පෙර සෙසු ප්‍රහාරකයන් දෙදෙනා විසින් එහි සිටි කිහිප දෙනෙකුට වෙඩි තබා ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ සිදු වූ ප්‍රහාරය පාලනය කර ඇති බව ඇසින්දුටුවෙකු රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර