ලන්ඩන් නුවර කාන්තාවකට පිහි ප්‍රහාරයක්

  • 2017 ජුනි 7
The woman was attacked in Hermon Hill Image copyright Google

නැගෙනහිර ලන්ඩනයේ හර්මන් හිල් (Hermon Hill) ප්‍රදේශයේදී පිහි ඇනුමකට ලක් වූ කාන්තාවක් "කැපුම් තුවාල" සහිතව රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

30 හැවිරිදි කාන්තාව වොන්ස්ටඩ් පළාතේ තමන් සේවය කරන ළදරු පාසල කරා ගමන් කරමින් සිටියදී ලන්ඩන් වේලාවෙන් උදෑසන 9:30 ට පමණ ප්‍රහාරයට ලක් වී ඇති බවත් පොලිසිය පවසයි.

ඇයගේ සෞඛ්‍ය තත්වය අසාධ්‍ය නොවන අතර, ප්‍රහාරය පිළිබඳව ත්‍රස්ත මර්ධන ඒකකය දැනුවත් කළත් ත්‍රස්ත එය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස නොසලකන බවත් මෙට්‍රොපොලිටන් පොලිසිය සඳහන් කරයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.

සබැඳි විෂයයන්