උතුරු කොරියාවේ තවත් සෙබළෙක් සතුරු රාජ්‍යයට එක්වෙයි

Image copyright AFP
Image caption දැඩි රැකවල් සහිත දේශ සීමාව

උතුරු කොරියානු සොල්දාදුවෙකු 'හාන්' ගංගාව තරණය කර තම සතුරු රාජ්‍යය ලෙස සැලකෙන දකුණු කොරියාවට පලාගොස් තිබේ.

සතියක් ඇතුළත දකුණු කොරියාවට පලාගිය දෙවැනි උතුරු කොරියානු හමුදා භටයා මොහුය.

මෙම සොල්දාදුවා හාන් ගංගාව හරහා පිහිනා ඇත්තේ පටු කොටසකින් වුවත් එය ඉතා වේගයෙන් ජලය බැසයන ස්ථානයක් බව දකුණු කොරියානු හමුදාවේ සම මාණ්ඩලික ප්‍රධානියා පැවසීය.

දකුණු කොරියානු නාවික භටයෙකුගේ ඇස ගැටී ඇති මෙම සොල්දාදුවා "මාව මරන්න එපා. මම නුඹලාට එකතුවෙන්නයි පැනල ආවේ" යනුවෙන් කෑගසා ඇති බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර තිබුණි.

එම සොල්දාදුවා මේවන විට දකුණු කොරියානු හමුදාව භාරයේ පසුවන අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.

පසුගිය සතියේදී ද උතුරු කොරියානු හමුදා භටයෙකු දකුණු කොරියාවට පලාගියේ දැඩි ආරක්‍ෂිත රැකවල් සහිත දේශසීමාව හරහා ඇවිද යමිනි.

1953 දී කොරියානු යුද්ධය අවසන් වීමෙන් අනතුරුව මේ දක්වා උතුරු කොරියානු හමුදා භටයන් 30,000ක් පමණ තම හමුදාවට එක්වී ඇති බව දකුණු කොරියාව ප්‍රකාශ කරයි.

ඉන් වැඩි පිරිස පලාවිත් ඇත්තේ චීන දේශ සීමාව හරහා ය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර