කටාරයේ කීර්ති නාමය 'අරාබි රටවල් විනාශ කරනවා'

Souk Waqif was torn down - and rebuilt in replica Image copyright AFP

සිය රටේ කීර්ති නාමය විනාශ කිරීමේ ප්‍රචාරක ව්‍යාපාරයක නිරතව සිටින බවට තමන් සමග සම්බන්ධතා අත් හළ අරාබි රටවල් හතරට කටාරය චෝදනා කරයි.

ත්‍රස්තවාදයට අනුබල දෙන බවට චෝදනා කරමින් සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, ඊජිප්තුව සහ යේමනය කටාරය සමග තානාපති සම්බන්ධතා අත්හැරි අතර සියළු ප්‍රවාහන සම්බන්ධතා ද කපා දැමුවහ.

එම රටවල් එල්ල කරන චෝදනාව කටාරය තරයේ ප්‍රතික්ෂේප් කරයි.

ඉන් අනතුරුව මාලදිවයිනේ ආණ්ඩුව ද කටාරය සමග තානාපති සම්බන්ධතා අත් හළ අතර හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් නායකත්වය දරන ප්‍රධාන විරුද්ධ පක්ෂය එම තීරණය දැඩිව හෙලා දුටුවේය.

අරාබි රටවල එම තීරණයෙන් සති දෙකකට පසුව නිවේදනයක් නිකුත් කරන ආණ්ඩුවේ ප්‍රකාශකයෙකුවන ෂෙයික් සයිෆ් බින් අහ්මඩ් අල් තානි (Sheikh Saif Bin Ahmed al-Thani), තමන්ට එරෙහි ප්‍රචාරක ව්‍යාපාරයේ කොටසක් වශයෙන් ත්‍රස්තවාදය යොදා ගෙන් ඇති බවට සම්බන්ධතා අත් හළ අරාබි රටවලට චෝදනා කළේය.

Image copyright Embassy of Qatar

මේ අතර කොළඹ දී විදේශ අමාත්‍ය රවි කරුණානායක සහ කොළඹ සිටින කටාරයේ තානාපතිවරයා අතර හමුවකින් පසුව නිවේදනයක් නිකුත් කරන කටාර තානාපති කාර්යාලය, කටාරයට එරෙහි 'පදනම් විරහිත, ගොතන ලද ප්‍රචාරවලට' නොරැවටෙන්නැයි ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

කටාරයේ පුරවැසියන්ගේ සහ එහි වෙසෙන විදේශිකයන් සියලු දෙනාගේ සාමාන්‍ය දෛනික දිවිපැවැත්ම පිණිස අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කිරීමට කටාර රාජ්‍යය පියවර ගෙන තිබෙන බව තානාපති කාර්යාලය අවධාරණය කරයි.

අසල්වැසි රටවල් කිහිපයක් විසින් පණවනු ලැබ තිබෙන 'නීති විරෝධී සම්බාධක' මගින් සිය රටේ ආර්ථිකයට හෝ වෙනත් රටවල් සමග පවත්වන වෙළෙඳ සහ ද්විපාර්ශ්වික සම්බන්ධතාවලට හෝ කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවත් කටාරය අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව සහ කටාරය අතර පවතින 'විශිෂ්ඨ' ද්විපාර්ශ්වික සම්බන්ධතා පිළිබඳව මුදල් අමාත්‍යවරයා සහ තානාපති රෂීඩ් ශෆෙයා අල් මාරි (Rashid Shafea Al-Marri) අතර හමුවේදී සාකච්ඡා කළ බවත් නිවේදනයේ සඳහන් වේ.

Image copyright AFP

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර