බ්‍රිතාන්‍ය අගමැතිනියට ජනතා විරෝධය
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ලන්ඩන් ගින්න: බ්‍රිතාන්‍ය අගමැතිනියට ජනතා විරෝධය

  • 2017 ජුනි 19

ග්‍රෙන්ෆෙල් මහල් නිවාසයේ හටගත් ගින්නෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ප්‍රමාණවත් පියවර ගැනීමට අපොහොසත් වී ඇති බවට බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේට සහ කෙන්සින්ටන් ප්‍රාදේශීය බලධාරීන්ට චෝදනා එල්ල වේ.

ව්‍යසනය සිදු වීමෙන් පසු එම ස්ථානය වෙත ගිය අගමැතිනිය විපතට පත්වූවන් මුණ නොගැසී ගිනි නිවන භටයන් සහ සහන සේවකයන් වෙත පමණක් ගොස් කරුණු විමසීම පිළිබඳ අනතුරට පත්වූවෝ විරෝධය පළ කළහ.

ඉන් අනතුරුව විපතට පත්වූවන් සග අගමැතිනිය අතර කෙන්සින්ටන් දේවස්ථානයේ හමුවක් පැවතිණි.

හමුවෙන් අනතුරුව අගමැතිනිය එම ස්ථානයෙන් පිටතට පැමිණි අවස්ථාවේ ඒ වටා රැස්ව සිටි ජනතාව හූ හඬ නගමින් ඇය වෙත කෝපය පළ කළහ.

සබැඳි විෂයයන්