ජල ටැංකියක බැස වන ගින්නෙන් බේරෙති
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පෘතුගාලය: වතුර ටැංකියක් දොළොස් දෙනෙකුගේ දිවි බේරයි

  • 2017 ජුනි 19

පෘතුගාලයේ ඇති වූ වන ගිනි හමුවේ පුද්ගලයන් දොළොස් දෙනෙකු ජල ටැංකියකට බැස දිවි බේරා ගෙන තිබේ.

ගින්නත් සමග ඔවුන් විසූ ගම්මානය වෙත ළඟා වීමට සහන කණ්ඩායම් අපොහොසත් වූහ.

අනූ පස් වියැති ආබාධිත කාන්තාවක් සහ සෙසු පිරිස ජල ටැංකිය තුළ පැය හයකට වැඩි කාලයක් ගත කර තිබේ.

අකුණු ගැසීමක් හේතුවෙන් ඇති වූ බවට විශ්වාස කෙරෙන වන ගින්නට හසුව හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.

මෝටර් රථ

බොහෝ දෙනෙකු සිය මෝටර්රථ තුළ සිටියදීම මරණයට පත්ව තිබේ.

වන ගිනි හමුවේ මධ්‍යම පෘතුගාලයේ ඇතැම් ප්‍රදේශවල ජනතාව එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට බලධාරීහු කටයුතු කරමින් සිටිති.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් දහසක වැඩි සංඛ්‍යාවක් යොදවනු ලැබ ඇත.