බ්‍රසල්ස් නුවර පිපිරීමක්

Image copyright AFP

බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර බ්‍රසල්ස් මධ්‍යම දුම්රිය ස්ථානයේ පිපිරීමක් හේතුවෙන් සියලුම මගීන් දුම්රිය ස්ථානයෙන් ඉවත්කර තිබේ.

බෝම්බයක් බැඳ ගෙන, උරස් මල්ලක් රැගෙන සිටි පුද්ගලයෙකු විසින් දුම්රිය ස්ථානයේ කුඩා පිපිරීමක් සිදු කළ බව බෙල්ජියමේ පොලිස් ප්‍රකාශකයෙක් බීබීසී යට පැවසීය.

දුම්රිය ස්ථානයේ සිටි හමුදාව ඔහු පිළිබඳව සැක පහල කළ අවස්ථාවේ ඔහු කුඩා බෝම්බය පුපුරුවා හරි බව ජනමාධ්‍ය වාර්තා කරයි.

දුම්රිය ස්ථානය තුළදීම හමුදාව ඔහුට වෙඩි තබා ඇති අතර, එහිදී වෙනත් කිසිවෙකුට තුවාල සිදු වී නැති බව විශ්වාස කෙරේ.

මේ වනවිට තත්වය පාලනය කර ඇති බව පොලිසිය පවසයි.

2016 මාර්තු මාසයේදී අයිඑස් ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය විසින් බ්‍රසල්ස් නුවරට එල්ල කරන ලද ප්‍රහාරවලින් 32 දෙදෙනෙකු මරුමුවට පත්විය.