පාකිස්තානයේ ඉන්ධන බවුසරයක ගින්නක්: 123 ක් මරුට

The scene of the fire near the Pakistani city of Ahmedpur East, 25 June Image copyright EPA

ඉන්ධන බවුසරයක් ගින්නට හසුව පුපුරා යාම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් එකසිය විසි තුන් දෙනෙකුවත් මරුමුවට පත්ව ඇති බව පාකිස්තාන බලධාරීහු පවසති.

අහ්මේඩ්පූර් නගරය ආසන්නයේ දී බවුසරය පෙරළී ඇති අතර ඉන් කාන්දු වූ ඉන්ධන එක්රැස් කිරීමට ජනතාව ඒ අසලට රැස් වී ඇති බව වාර්තා වේ.

තුවාල ලැබූ ගණනාවක් රෝහල් ගත කර තිබේ.

අධික වේගය හේතුවෙන් බවුසරය පෙරළී ඇති බවත් වාර්තා වේ.

අනතුරට පත් බවුසරය ආසන්නයේ දුම් පානය කිරීම ගින්න හට ගැනීමට හේතුව විය හැකි යැයි ඇසින් දුටුවෙකු උපුටා දක්වමින් පාකිස්තානයේ ජියෝ ටීවී රූපවාහිනිය වාර්තා කළේය.

Image copyright Reuters

හමුදා හෙලිකොප්ටර් යොදා ගනිමින් තුවාල ලැබූවන් රෝහල් වෙත ගෙන ගොස් ගිය බව හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් අසීෆ් ගෆූර් නිකුත් කළ ට්විටර් නිවේදනයක දැක්වේ.

වාහන නිසි ලෙස නඩත්තු නොකිරීම සහ නොසැලකිලිමත් ලෙස රිය පැදවීම පාකිස්තානයේ සිදුවන මාර්ග අනතුරුවලට බොහෝවිට හේතු වේ.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්