ඇමරිකාවේ රාත්‍රි සමාජ ශාලාවක වෙඩි තැබීමක්

Police vehicles are seen at the scene of the shooting overnight Image copyright EVN

රාත්‍රි සමාජ ශාලාවක සිදු වූ වෙඩි තැබීමකින් අවම වශයෙන් විසිපස් දෙනෙකුවත් තුවාල ලබා ඇති බව ඇමරිකාවේ ආකන්සෝ ප්‍රාන්තයේ පොලිසිය පවසයි.

අසාධ්‍ය තත්ත්වයේ පසු වූ එක් පුද්ගලයෙකු ගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් යහපත් අතට හැරී ඇති බව රෝහල් බලධරීහු කියා සිටියහ.

තුවාල ලැබූ සෙසු පුද්ගලයන්ගේ තත්ත්වය බරපතළ නොමැති අතර වයස දාසයක යොවුන් තරුණයෙකු ද ඒ අතර සිටින බව පැවසේ.

එරට ප්‍රාදේශීය වේලාවෙන් රාත්‍රි 02.30 ට පමණ සංදර්ශනයක් අතරතුර වෙඩි හුවමාරුවක් සිදුව ඇති අතර සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

එය ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාවක් බව පෙන්නන්නට නොමැති බව පොලිසිය පවසයි.

සමාජ ශාලාවෙන් පිටතට දුව යාමට උත්සාහ කිරීමේදී ද කිහිප දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පැවැසූ බව ABC පුවත් සේවය වාර්තා කළේය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර