ඊශ්‍රායලයේ නිල සංචාරයක නිරත පළමු අගමැතිවරයා මෝදි

Israeli Prime Minister Benjamin Netanyahu (2nd R) welcomes Indian Prime Minister Narendra Modi (2nd L) during an official welcoming ceremony upon his arrival in Israel at Ben Gurion Airport, near Tel Aviv, Israel 4 July 2017 Image copyright Reuters

සිය තෙදින නිල සංචාරය අරඹමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊශ්‍රායලයේ ටෙල්අවීව් නුවර වෙත ළඟා විය.

මෝදි, ඊශ්‍රායලයේ නිල සංචාරයක නිරත පළමු ඉන්දීය අගමැතිවරයා ලෙස ඉතිහාසයට එක් වේ.

ටෙල්අවීව් නුවරට පැමිණීමෙන් අනතුරුව අදහස් දක්වමින් අගමැති මෝදි කියා සිටියේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ඉන්දියාව සහ ඊශ්‍රායලය සහයෝගයෙන් ක්‍රියා කළ යුතු බවය.

එමෙන්ම සමෘද්ධිය ළඟා කර ගැනීම සඳහාත් එක්ව ක්‍රියා කළ යුතු බවත් ඔහු පැවසීය.

කෘෂිකර්මය, ආරක්ෂාව සහ අභ්‍යවකාශ තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර හා සම්බන්ධ සහයෝගීතාවන් පිළිබඳ ඉන්දියාව සහ ඊශ්‍රායලය එකඟතාවන්ට පැමිණීමට ද නියමිතය.

ප්‍රධානතම අවි ගැණුම්කරු

ඊශ්‍රායලය විසින් ඉන්දීය අගමැතිවරයා ඉහළින් පිළිගනු ලැබිණි.

ඉන්දීය අගමැතිවරයාගේ සංචාරයේ වැදගත්කම සනිටුහන් කරමින් ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඔහු සමග උත්සව ගණනාවකට සහභාගී වීමට නියමිතය.

ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර වසර 25 ක සිට රාජ්‍යය තාන්ත්‍රික සබඳතා පවතී.

මේ වනවිට ඊශ්‍රායලයේ ප්‍රධානතම අවි ගැණුම්කරු බවට ඉන්දියාව පත්ව තිබේ.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර