g20
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

G20 මැද හැම්බර්ග් නුවර ගිනිදැල්

G 20 සමුළුවට සහභාගී වෙන රාජ්‍ය නායකයන්ගේ බිරින්දෑවරුන් හැම්බර්ග් වරාය අවට චාරිකාවක නිරත වූ අතර, විරෝධතා නිසා සිය නවාතැනින් පිටතට පැමිණ ඔවුන්ට එකතු වීමට ඇමෙරිකානු පළමු කාන්තාව වන මෙලනියා ට්‍රම්ප් අසමත් වූවාය.

සමුළුව පැවැත්වෙන අතරවාරයේ දියත් කෙරෙමින් පවතින මහජන විරෝධතාවන්ට ලක්ෂයකට අධික ජනතාව සහභාගී වෙමින් සිටි බව 'හැම්බර්ග්' නගරයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

සමුළුවට එරෙහි විරෝධතාවාදීන් පාලනය කර ගැනීමට අතිරේක භටයන් සපයන මෙන් 'හැම්බර්ග්' පොලිසිය ඉල්ලීමක් කර තිබුණි.

විසිදහසක පොලිස් බලකායක් දැනටමත් යොදා ඇති අතර ජර්මනියේ වෙනත් ප්‍රාන්ත වලින් මෙන්ම ඔස්ත්‍රියානු පොලිසියේ සහයෝගය ද ඔවුන්ට ලැබෙයි.