ජපානයේ ගංවතුරින් පහළොවක් මරුට

Image copyright AFP

ධාරානිපාත වර්ෂාව හමුවේ හටගත් ගංවතුරට හසුව මරණයට පත් සංඛ්‍යාව පහළොව දක්වා ඉහළ ගොස් ඇති බව ජපාන බලධාරීහු පවසති.

සහන කණ්ඩායම් විසින් අතුරුදහන් වූ තවත් පහළොස් දෙනෙකු සොයා මෙහෙයුම් දියත් කරනු ලැබ ඇත.

ජපානයේ දකුණු දිග කියූෂු දූපතේ ඇතැම් කලාපවල බදාදා (ජුනි 05) පැය දොළහකට අධික කාලයක් වැසි වැටී ඇති අතර ගංගා පිටාර ගැලීම හේතුවෙන් ගොඩනැගිලි සහ මාර්ග විනාශ වී තිබේ.

සහන සේවකයෝ ඝන මඩ තට්ටු මතින් දිවි බේරා ගත් පුද්ගලයන් වෙත ළඟා වීමේ උත්සාහයක නිරතව සිටිති.

තවදුරටත් වැසි

Image copyright EPA
Image copyright AFP

තවත් සිය ගණනක් ආරක්ෂක ස්ථාන තුළ රඳවනු ලැබ තිබේ.

එම කලාපය තුළ සෙනසුරාදා (ජුලි 08) තවදුරටත් තද වැසි බලාපොරොත්තු විය හැකි බව බලධාරීහු පවසති.

හමුදා, ගිනි නිවන සහ වෙරළාරක්ෂක භටයන් දොළොස් දහසක් පමණ සහන මෙහෙයුම්වල යෙදී සිටිති.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්