දකුණු ඉන්දියාවේ ප්‍රාන්තයකට නිල ධජයක්?

Image copyright Getty Images
Image caption නිල වශයෙන් පිළිනොගත් කර්ණාටක ධජය

නීත්‍යනුකූලව තමන්ගේම ධජයක් භාවිත කිරීමට ඇති හැකියාව පිළිබඳ දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත ආණ්ඩුව කරුණු අධ්‍යයනය කරමින් සිටී.

කර්ණාටක ප්‍රාන්ත ආණ්ඩුවේ බලය හොබවනු ලබන්නේ ජාතික වශයෙන් එරට විපක්ෂය නියෝජනය කරන කොංග්‍රස් පක්ෂය විසිනි.

සිය සංස්කෘතික අනන්‍යතාව දැක්වෙන කහ සහ රතු පැහැයෙන් සමන්විත නොනිල ධජයක් මේ වනවිටත් එම ප්‍රාන්තය සතුව ඇත.

ඉන්දියාවේ නිල ධජයක් භාවිත කරන එකම ප්‍රාන්තය ජම්මු-කාශ්මීරයයි. ඒ සඳහා ඇති අයිතිය එරට ව්‍යවස්ථාවෙන් තහවුරු කරනු ලැබ තිබේ.

එක්සත්භාවය

Image copyright Reuters
Image caption ඉන්දීය ජාතික ධජය

වෙනම ධජ භාවිත කිරීම මගින් ඉන්දියාවේ එක්සත්භාවය යටපත් විය හැකි බව විවේචකයෝ පවසති.

ඒ පිළිබඳ සංවාදයක් ආරම්භ වී ඇත්තේ හින්දි භාෂාවට වැඩි ඉඩක් ලබා දීමේ උත්සාහය ඇතුළු මධ්‍යම ආණ්ඩුවේ ඇතැම් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දකුණු ඉන්දියාවේ සමහරක් පාර්ශව සිය කෝපය පළ කරමින් සිටින මොහොතකදීය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර