ඇෆ්ගනිස්තානය: මරාගෙන මැරෙන ප්‍රහාරයකින් විසිහතරක් මරුට

Image copyright Reuters
Image caption ප්‍රහාරයෙන් පසු එම ප්‍රදේශයේ යොදවා සිටින ආරක්ෂක සාමාජිකයන්

මෝටර් රථයක් යොදා ගනිමින් කාබුල් අගනුවරට එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට හසුව අවම වශයෙන් විසි හතර දෙනෙකුවත් මරණයට පත්ව ඇති බව ඇෆ්ගනිස්තාන බලධාරීහු පවසති.

තවත් හතළිස් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර මරණයට පත් සංඛ්‍යාව ඉහළ යා හැකි බවට බිය පළවේ.

වැඩි වශයෙන් ෂියා මුස්ලිම් භක්තිකයන් වෙසෙන අගනුවර බටහිර කලාපයේ ධාවනය වෙමින් තිබූ රජයේ සේවකයන් රැගත් බස් රථයක් ප්‍රහාරයේ ඉලක්කය වී ඇති බවත් බලධාරීහු කියා සිටියහ.

තමන් විසින් ප්‍රහාරය එල්ල කරනු ලැබූ බව තාලිබාන් සංවිධානය පවසයි.

තාලිබාන් සහ අයිඑස්

Image copyright Ahmad Shuja

කාබුල් අගනුවරට මේ වසර තුළ මාරක බෝම්බ ප්‍රහාර ගණනාවක් එල්ල වූ අතර තාලිබාන් හෝ අයිඑස් සංවිධානය විසින් එම ප්‍රහාර එල්ල කරනු ලැබූ බව වාර්තා විය.

කාර්ය බහුල වෙලාවක දී ප්‍රහාරය එල්ල වී ඇති අතර බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති ආකාරය ඡායාරූප ඔස්සේ දැක ගත හැක.

රජයේ බුද්ධි අංශ සාමාජිකයන් පිරිසක් සිය ප්‍රහාරයේ ඉලක්කය වූ බව තලිබාන් සංවිධානය පවසා තිබේ.

ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානි විසින් ප්‍රහාරය හෙලා දකිනු ලැබීය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර